Pages

Ads 468x60px

Sunday, September 9, 2012

පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා

1918 වර්ෂයේදී ඊසාන දිග තායිලන්තයේ ග්‍රාමීය පෙදෙසක උපත ලැබූ අචාන් චා හිමියන් කුඩා කලම පැවිදි බිමට අවතීරනව වයස අවරුදු විස්සේ දී උපසම්පදාව ලබාගත්හ.උන්වහන්සේ ඇති දුෂ්කර ධූතාංග ශීලය සමාදන්ව චාරිකාවේ නිරත වෙමින් පින්ඩපාතයෙන්ම යැපෙමින් අවරුදු ගණනාවක් වන වාසී භික්ෂුවක් ලෙස වස වාසය කළහ.අචාන් චා හිමියන් භාවනාව පිළිබඳව පුහුණුව ලැබුවේ එකල ඉමහත් ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්ව සිටි භාවනා ගුරුවරයෙකු වූ අචාන් මන් හිමිපාණන් යටතේය.

මුල්  කාලයේදී අචාන් චා හිමියන්ගේ භාවනා ක්‍රමයෙහි පවතී අපැහැදිලි බව, නිසිමගට යොමු නොවීම ආදී අඩුපාඩු නිවැරදි කිරීමෙහිලා අචාන් මන් ආචාර්යයන් වහන්සේගෙන් ලැබුණු අභාසය ඉතා වැදගත් විය.ආචාන් මන් හිමියන්ගේ සිල්වත් බව, භාවනා ක්‍රම, ගුරු උපදෙස් අචාන් චා හිමියන් කෙරෙහිද බෙහෙවින් බලප ඇත.ඒ නිසාම පසු කාලීනව අචාන් චා හිමියන්ගේ උපදෙස් පතා පැමිණි අයට ධර්මය පිළිබඳවත් භාවනා ක්‍රම පිළිබඳවත් පරිපූර්ණ භාවනා උපදේශකයන් වහන්සේ නමක් වශයෙන් නොමදව උදව් කිරීමට උන්වහන්සේට හැකිවිය.

අචාන් චා හිමියන්ගේ දෙසුම් ආකර්ශනීය ලෙස සරල විය.එළබි සිහියෙන් ඉන්න, කිසිම දෙයක ඇලී ගැලී නොසිටින්න, සිදුවීම් වලට වහල් නොවී ඒවා යථා තත්වයෙන් පිළිගන්න යැයි උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ඉගැන්වූහ.

ලෝක  ධර්මතාවයේ අනිත්‍යතාව දක්වමින් 1992 ජනවාරි 16 දින උන්වහන්සේ සිහිනුවනින් යුතුව අපවත් වූහ.

උන්වහන්සේගේ අතින් රචිත හා උන්වහන්සේගේ දේශනා ඇතුලත් සිංහල අනුවාද පොත් කිහිපයක් ඔබට පහලින් Download කිරීමට හැක.

 Downloadකර ගත හැකි පොත් ලැයිස්තුව:
1. විමුක්ති රසය 
2. කැලේ ගහක් 
3. අචාන් චා නැත
4. සජීවී දහම 
5. සිතට ආහාර  




මෙම පොත් Download කිරීම සදහා මෙතනින් Click කරන්න.













"මගේ භාවනා පුහුණුව ගැන මිනිස්සු මගෙන් විමසති.භාවනාව සඳහා මගේ මනස සකස් කර ගන්නේ කෙසේද? එහි කිසිම විශේෂයක් නැත.එය තිබිය යුතු තැන මම තබමි.එසේ නම් ඔබ වහන්සේ රහත් දැයි ඔවුහූ අසති.මා එය දන්නේ කෙසේද? මා හරියට කැලෑවේ ඇති ගසක් වැන්න. එය කොළවලින්, අතුපතරින්, මලින් හා පලතුරු වලින් සමන්විතය.කුරුල්ලෝ පලතුරු කෑමටත්, ලැගීමටත් පැමිණෙති.සත්තු එහි සෙවන යට විවේක සොයති.එහෙත් ගස ඒ කිසිවක් නොදනී.ගස ගසේ ස්වභාවය අනුව වැඩේ.ගස ගසසේම පවතී."
                                                                                     අචාන් චා හිමියන්   







5 comments:

  1. මේ ෆිලේ download කරන්න බැ මේ ලින්ක් එකට ගියහාම add විතරයි පෙන්නේ කොහෙවත් download ලින්ක් එකක් නැ

    ReplyDelete
  2. ZIP කියන වචනය උඩ රයිට් ක්ලික් කරලා save link as දෙන්න.

    ReplyDelete
  3. මෙහි අචාන් චා හිමි උපන් අවුරුද්ද 1918 වශයෙන් නිවැරදි විය යුතුය.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මෙහි අචාන් චා හිමි උපන් අවුරුද්ද 1918 වශයෙන් නිවැරදි විය යුතුය. 1981 නොවෙයි. එය හදන්න .

    ReplyDelete