Pages

Ads 468x60px

Saturday, September 8, 2012

රොබර්ට් නොක්ස් දුටු එදාහෙලදිව

රොබර්ට් නොක්ස් කියන්නේ 1641- 1720 කාල වකවානුවේ බ්‍රිතාන්‍යය නැගණහිර වෙළද සමාගමේ නැවක වැඩ කරපු ඉංග්‍රීසි  කපිතාන් කෙනෙක්.එයාගේ තත්තාගේ නමත් රොබට් නොක්ස්.දෙන්නම වැඩ කලේ එකම නෞකාවෙ.කොහොම හරි මේ ගොලොන්ගේ නැව ඉන්දියාවේ මදුරාසියේ ඉඳල බ්‍රිතාන්‍යයට යද්දී හිතපු නැති විදියට කුණාටුවකට අහුවෙලා මේ අය හිටපු නැව ලංකාවේ නැගෙනහිර වෙරල තිරයේ තියෙන මුතුර් වෙරළට ගසාගෙන අවා.එටකොට 1692 අවරුද්ද.ඒ කලේ ලංකාවේ රජකම් කලේ දෙවන රාජසිංහ රජතුමා.එත් නොහිටපු වෙලාවක මොවුන් කීපදෙනා රාජසිංහ රජතුමාගේ අඩංගුවට පත් උනා.මොවුන් අඩංගුවට පත් වෙද්දී සියබලා ගසක් යට විවේක ගනිමින් උන්නේ.අදටත් මුතුර් ප්‍රදේශයේ මෙම ගසෙහි ශාඛාවක් පැල කරලා සංරක්ෂණය කරලා තියෙනෙව.මේ අයට ලංකාවෙන් පිට වෙන්න තහනම් කරපු රජතුමා මහනුවර නගරය අවට ප්‍රදේශ වල නිදහස්ව ඉන්නට,සැරිසරන්නට අවස්ථාව ලබා දුන්නා.පසු කලෙක ලංකාවෙන් පැනගත්ත රොබට් නොක්ස් බ්‍රිතාන්‍යට ගොස් දෙවන රාජසිංහ රජ සමයේ ශ්‍රී ලංකාවේ ජනජීවිතය හා සශ්‍රීකත්වය ගැන විස්තර කරමින් "AN HISTORICAL RELATION OF THE ISLAND CEYLON IN THE EAST-INDIES" නමින් පොතක් රචනා කලා.අද එම කෘතිය ඩේවිඩ් කරුණාතිලක මහතා අතින් "එදා හෙළ දිව" නමින් පරිවර්තනය වෙලා තියෙනවා.ඕගොල්ලොත් හොයාගෙන කියවන්න.ගොඩක් වටිනා පොතක්.

රොබට් නොක්ස් ගේ "AN HISTORICAL RELATION OF THE ISLAND CEYLON IN THE EAST-INDIES" පොත කියවීමට මෙතනින් Click කරන්න. 

                                                                     

එදා හෙළ දිව ග්‍රන්ථයෙන්...

                                                                                               
එදා හෙළ දිව ග්‍රන්ථයෙන්...
දෙවන රාජසිංහ රජු - An Historical Relation of the Island Ceylon

0 comments:

Post a Comment