Pages

Ads 468x60px

Featured Posts

Wednesday, April 14, 2021

 Mobile Portable tripod mini flexible sponge octopus tripod for mobile phones

This unique adapter / holder adds a screw hole to the mobile phone.
It allows you to attach your phone to a monopod or tripod for better quality picture.

Flexible Tripod:

1. Weight: 60g

2. Color: Black Red Blue

3. Removable link attachment with lock release button

4. The link attachment screws into most digital camera sizes and is removeable

5. Allowing it to level out a camera on the most uneven surfaces

6. Complete flexibility, made of hard plastic

7.
Gray rubberized rings, feet, and link cushion

















Friday, July 22, 2016

මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි - හිනා වීමට නොව , සිතා බැලීමට

මුලින්ම කියන්න ඕනි මේ පොත ලියල තියෙන්නේ මගේ ප්‍රියතම පුද්ගලයන් දෙදෙනෙක්.ලංකාවේ ගොඩක් මතවාද වලට තුඩුදුන්න පොත් ලියපු සහ ඇත්ත ලියපු නිසා සමහර අය බැනපු රචකයන් දෙදෙනෙක්. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක යන විවාදාත්මක ලේඛකයන් දෙදෙනා අතින් ලියවුන තවත් වටිනා පොතක් තමයි මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි කියන්නේ. අප අසූ පිරූ මෝඩ මහදැනමුත්තා සහ ගෝලයෝ යන චරිත ඇති වුන හේතුව සහ එමගින් එකල සිංහලයාට සිදුවුන මානසික බලපෑම මේ පොත කියවා අවසානයේ අපට අවබෝධ කරගන්න පුළුවන්. මේ පොතින් උපුටා ගත් පසු වදන වැඩි විස්තරයක් ලෙස මන් පහතින් දමන්නම්.



"පෘතුගීසි පාදිරිස්වරු ඇරඹු “එස්කොලා “ (Escola) නමැති ආයතනවල සිංහල ළමයින්ට ක්‍රිස්තියානි ආගම සහ පෘතුගීසී භාෂාව ඉගැන්විණි .
සිංහල පරම්පරා කතාවල කියවෙන්නේ “මහදැනමුත්තා සහ ගෝල පිරිස “ එස්කොලාවල ඉගැන්වූ කතා සංග්‍රහයක් බවයි.

සිංහල ළමයින්ට සිංහල නායකයන්,පාලන ක්‍රමය ,සාහිත්‍ය සහ සංස්කෘතිය එපා කරවීමේ අදහසින් පෘතුගීසී මිෂනාරීහු මෙබදු කතා ගොතා එස්කොලාවල ඉගැන්වුහ.

ඒ යුගයේ එස්කොලයට ගොස් සිංහලයින් හෑල්ලු කරන කවි කතා උගත් සිංහල දරුවෝ පරංගි නම් වලට ඇලුම් කරන්නට වුහ.
දෙමවුපියෝ දුදරුවන්ට සිංහල නම් වෙනුවට පරංගි නම් දැමුහ.ඔවුහු ජාතක පොත ,මහාවංශය වැනි මහාර්ඝ කෘති දෙස අවක්ඝාවෙන් බැලුහ.පෘතුගීසී රජ්ජුරුවන්ට “අපේ රජ්ජුරුවෝ “ කියන්න පටන්ගත්හ.

පෘතුගීසී සිංහල දේශයේ බිම පෙදෙසක් යටත් කරගෙන සිටි නිසා මවුබිම ,ජාතිය ,සංස්කෘතිය,ආගම හෑල්ලුවට ලක්කරමින් පරංගින්ගේ රටට ආවැඩිමට සිංහල පිරිසක් පුරුදු වුහ.
ඒ යුගයේ සිට කටින් කට පවත ආ මහදැන මුත්තා කතාවලින් සිදුවුයේ අපේ මුතුන්මිත්තන් පල් මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ කුඩා දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් සිත වලට ඇතුළු වීමයි.
මහදැනමුත්තා කතාවේ සුලමුල ඉදිරිපත් කරන මෙම කෘතිය අපේ ඉතිහාසය ,සංස්කෘතිය ,සාහිත්ය ,සහ සමාජ ක්රෙමය පිළිබද ඉතා වැදගත් කරුණු රාශියක් හෙළිදරවු කරයි.
කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද කියවා රස විදිමින් දුලබ දැනුම උගතහැකි පරිදි මෙය රචනා කර ඇත්තේය."

පොත කියවීමට සහ බාගත කිරීමට පහත Link එක click කරන්න.
To download click on book cover 


මඩොල් දූව


Martin Wickramasinghe
අව්රුදු හතරකට පස්සේ Blog එක අයෙත් පටන් ගන්න හිතුනා.මේ කියන්න යන්නේ පොඩිකාලේ ගොඩක් ආසාවෙන් කියවපු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල් දූව පොත ගැන. මේ පොත මුලින්ම ප්‍රකාශයට පත් උනේ 1947 දී. ඊට පසුව භාෂා කිහිපයකටම මේ පොත පරිවර්තනය උනා. උපාලි සහ ජින්නා කියන ප්‍රධාන චරිත දෙක වටා මේ කතාව ගෙතිලා තියෙනවා. කොග්ගල නගරයට නුදුරින් පිහිටි මඩොල් දූව කියන පුංචි දූපතක් තමයි මේ කතාවට මුලික අඩිතාලම වෙලා තියෙන්නේ.


1976 දී ලෙස්ටෙර් ජේම්ස් පීරිස් ශූරින් විසින් මෙම පොත පාදක කරගෙන මඩොල් දූව නමින් චිතරපටයක් ද නිර්මාණය කලා.ගොඩක් අය  මේ පොත ගැන දන්නවා.නොදන්නා අයට සහ තාමත් මේ පොත බලන්න අසාවෙන් ඉන්න අය වෙනුවෙනුයි මේ post එක.පොතේ  PDF පිටපතක් පහතින් download කරගන්න පුළුවන්. 
To download click on book cover 

Sunday, September 9, 2012

චෞර රැජිණ - වික්ටර් අයිවන්

මේ තියෙන්නේ අපේ රටේ විශාල ලෙස කතා බහට ලක්වුණු ,ගොඩක් මතවාද වලට තුඩු දීපු පොතක්.
පොත ගැන වැඩිය කතා කරන්න නරකයි.ඇයි කියල පොත කියවදී තේරේවි.එක නිසා වැඩිය කතා ඕනේ නෑ.කියවලම බලන්න :).
   

ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "දෙවියෝ සහ භූතයෝ"

අපේ රටේ,ඉන්දියාවේ  විතරක් නෙමයි,මුළු ලෝකයේම හේතුවාදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "Gods, Demon and Spirits" යන පොතේ සිංහල පරිවර්තනය වන "දෙවියෝ සහ භූතයෝ" යන පොත ගැන කෙටි සටහනක් දාන්න මං හිතුවා.මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එච්.එස්.ධර්මපාල සේනාරත්න මහතා විසින්.
ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගැන සමහරවිට ඕගොල්ලෝ අහලත් ඇති.මං හැමෝටම දැන ගන්න එක්ක එතුමා ගැන කෙටි විස්තරයක් කියන්නම්.
1898 අප්‍රේල් 10 වෙනිදා ඉන්දියාවේ මල්බාර් වල තමයි මෙතුමා ඉපදුනේ.කොවුර් මහතාගේ පියා ක්‍රිස්තියානි පල්ලියක පූජක වරයෙක්.පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි මෙතුමා  විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සේවය කලා.
විවිද යාග හෝම,මවා පෑම් කරන්නන් ,සාස්තර,ජෝතිෂ්‍ය අනාවැකි කියන්නන්  හා තමන් දේව දූතයන්,මහා පඩි වරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලාවේ දැමූ වංචාකාරයන්ට ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් එක එල්ලේ අභියෝග කලා.ඒ ය අතරින් ඉන්දියාවේ දේව දූතයෙකු ලෙස පෙනී සිටි "සායිබබා" ද සිටියා.සයිබබාට වත්  ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ගේ අභියෝග වලට මුහුණ දීමට හැකි උනේ නෑ.
හේතු  වාදය නිසා ලෝකයේම කීර්තියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්හට එක්සත් ජනපදය විසින් ආචාර්ය උපාධියක් පවා පිරි නැමුවා.පහලින් තියෙන්නේ මේ පොත කියවද්දී  ගොඩක් තර්කානුකූල මෙන්ම හිත ඇදීගිය කොටසක්,

"මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?

ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.

ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.

ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."
                                                                                                                      page-81
මේ වගේ කරුණු හා විද්‍යාත්මක පර්යේක්ෂණ මෙන්ම එතුමා විසින් විවිධ පුද්ගලයන් සඳහා කරන ලද අභියෝගද මෙම පොතේ සඳහන් වෙනවා.

"අන් සියලු ලමයින් මෙන්ම මමද මා පියන්ගේ ආගම් වල ඇති මිත්‍යා ඇදහිලි හා පූජා විධි සම්බන්ධයෙන් මානසික පුහුණුවක් ලැබුවෙමි.වැඩිහිටි වියට පත් කල මූඪ අදහස් වලින් නිදහස් වීම මට අතිශයින් දුෂ්කර කාර්යයක් විය"
 යනුවෙන් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් පවසා තිබෙනවා.මේ පොත කියවගෙන යද්දී අපිටත් මේ හැගීම අනිවාර්යයෙන්ම හිතට එනවා.මේ පොත දැනට පොත් කඩ වල හොයා ගන්න අමාරුයි.මොකද මේ පොත අවසාන් වරට  මුද්‍රණය වෙලා තියෙන්නේ 1998 අව්රුද්දෙ.පොත කියවන්න ආසාවක් තියෙනවා නම් දුක් වෙන්න එපා.පහල තියෙන පොතේ පිට කවරය උඩ Click කරන්න.පොත කියවන්න පුළුවන්. :) 

To Read Click on Book

 
    

පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා

1918 වර්ෂයේදී ඊසාන දිග තායිලන්තයේ ග්‍රාමීය පෙදෙසක උපත ලැබූ අචාන් චා හිමියන් කුඩා කලම පැවිදි බිමට අවතීරනව වයස අවරුදු විස්සේ දී උපසම්පදාව ලබාගත්හ.උන්වහන්සේ ඇති දුෂ්කර ධූතාංග ශීලය සමාදන්ව චාරිකාවේ නිරත වෙමින් පින්ඩපාතයෙන්ම යැපෙමින් අවරුදු ගණනාවක් වන වාසී භික්ෂුවක් ලෙස වස වාසය කළහ.අචාන් චා හිමියන් භාවනාව පිළිබඳව පුහුණුව ලැබුවේ එකල ඉමහත් ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්ව සිටි භාවනා ගුරුවරයෙකු වූ අචාන් මන් හිමිපාණන් යටතේය.

මුල්  කාලයේදී අචාන් චා හිමියන්ගේ භාවනා ක්‍රමයෙහි පවතී අපැහැදිලි බව, නිසිමගට යොමු නොවීම ආදී අඩුපාඩු නිවැරදි කිරීමෙහිලා අචාන් මන් ආචාර්යයන් වහන්සේගෙන් ලැබුණු අභාසය ඉතා වැදගත් විය.ආචාන් මන් හිමියන්ගේ සිල්වත් බව, භාවනා ක්‍රම, ගුරු උපදෙස් අචාන් චා හිමියන් කෙරෙහිද බෙහෙවින් බලප ඇත.ඒ නිසාම පසු කාලීනව අචාන් චා හිමියන්ගේ උපදෙස් පතා පැමිණි අයට ධර්මය පිළිබඳවත් භාවනා ක්‍රම පිළිබඳවත් පරිපූර්ණ භාවනා උපදේශකයන් වහන්සේ නමක් වශයෙන් නොමදව උදව් කිරීමට උන්වහන්සේට හැකිවිය.

අචාන් චා හිමියන්ගේ දෙසුම් ආකර්ශනීය ලෙස සරල විය.එළබි සිහියෙන් ඉන්න, කිසිම දෙයක ඇලී ගැලී නොසිටින්න, සිදුවීම් වලට වහල් නොවී ඒවා යථා තත්වයෙන් පිළිගන්න යැයි උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ඉගැන්වූහ.

ලෝක  ධර්මතාවයේ අනිත්‍යතාව දක්වමින් 1992 ජනවාරි 16 දින උන්වහන්සේ සිහිනුවනින් යුතුව අපවත් වූහ.

උන්වහන්සේගේ අතින් රචිත හා උන්වහන්සේගේ දේශනා ඇතුලත් සිංහල අනුවාද පොත් කිහිපයක් ඔබට පහලින් Download කිරීමට හැක.

 Downloadකර ගත හැකි පොත් ලැයිස්තුව:
1. විමුක්ති රසය 
2. කැලේ ගහක් 
3. අචාන් චා නැත
4. සජීවී දහම 
5. සිතට ආහාර  




මෙම පොත් Download කිරීම සදහා මෙතනින් Click කරන්න.













"මගේ භාවනා පුහුණුව ගැන මිනිස්සු මගෙන් විමසති.භාවනාව සඳහා මගේ මනස සකස් කර ගන්නේ කෙසේද? එහි කිසිම විශේෂයක් නැත.එය තිබිය යුතු තැන මම තබමි.එසේ නම් ඔබ වහන්සේ රහත් දැයි ඔවුහූ අසති.මා එය දන්නේ කෙසේද? මා හරියට කැලෑවේ ඇති ගසක් වැන්න. එය කොළවලින්, අතුපතරින්, මලින් හා පලතුරු වලින් සමන්විතය.කුරුල්ලෝ පලතුරු කෑමටත්, ලැගීමටත් පැමිණෙති.සත්තු එහි සෙවන යට විවේක සොයති.එහෙත් ගස ඒ කිසිවක් නොදනී.ගස ගසේ ස්වභාවය අනුව වැඩේ.ගස ගසසේම පවතී."
                                                                                     අචාන් චා හිමියන්   







Saturday, September 8, 2012

සැළලිහිණි සන්දේශය

පක්ෂියෙක් ක් හෝ වෙනත් අයෙකක් දූතයෙකු ලෙස යොදා‍ගෙන  යවනු ලබන  සන්දේශයක් නැතිනම්  අස්නක් සේ රචනා කර ඇති කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය කියල කියනවා. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යු‍ගයේ දී ලියපු මයුර සන්දේශය යි.සන්දේශ කාව්‍යයේ හොඳම යුගය කෝට්ටේ යුගය කියලයි ගොඩක් අය කියන්නේ.කෝට්ටේ යුගයෙන් පස්සේ  සීතාවක යු‍ගයටත් ඊට පස්සේ  නූතන අවධිය වෙනකම් සංදේශ කාව්‍ය වර්ධනය උනා.
       සැළලිහිණි සන්දේශය කියන්නේ කෝට්ටේ යුගයේ විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයක්.
    රාහුල හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. මේ සංදේශ කාව්‍ය ලියන්න පාදක වෙලා තියෙන්නේ සයවන පැරකුම්බා රජුගේ බාල දියණිය වන ලෝකනාථා නැතිනම්  උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනාවක් වශයෙන්.
       සැළලිහිණි සන්දේශය  ‍පද්‍ය 111 කින් සමන්විතයි, නව අදහස්, උපමා, අලංකාර ආදිය සරලව සුමටව  අලංකාර  පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍ක් නිසා සැළලිහිණි සන්දේශය සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනක්.පහලින් තියෙන්නේ සැළලිහිණි සන්දේශයේ අඩංගු පද්‍ය 111 යි.



ආසී

01.
සැරදෙ සුලකළකුරු – මියුරු තෙපලෙන් රඳනා

රජකුල රහසැ මැතිනිය – සියනිහි සැළලිහිණි සඳ

සැපදුක් විමසුම්

02.
පුල් මල් කෙසරු මෙන් – රන්වනි තෙලෙ සරණ යුග

සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර

නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර

මලින් කළ රූවෙව් – එබැවින් නුබින් එන වර


නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ

නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු


වනදෙව් ලියෝ නොකොළොද සවන
අබරණ?

එනමග දුකෙක් නොවී ද සබඳිනි
කලණ

සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ
දියුණ

වෙන සැප කුමට තොප දකිනා එම
පමණ?

03.
ලප නොම වන් සඳ වන් සොමි ගුණ
ගිහිණි

ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි
පැමිණි

සැප රිසි දෙන වැනි රස බසැති
සිතුමිණි

තොප දැකුමෙන් අප පින් කළ බව
දැනිණි

කටයුතු නිදෙස

04.
මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම
පැවති

බිතු සිතුවම් රූ මෙන් පිටු
නොපාවිති

යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණ
ඇති

සිතු නතු කර අස යහළුව වඩන
රුති
05.
පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර
බර

ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල්
පතර

සව් සිරි පිරි සුරපුර වන් කැලණි
පුර

දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට
පවර

ජයවද්දන පුර වැනුම්

06.
ගනවන් මියුරු නද දෙන ගුවන වන්
විට

විලසින් මෙමා කරවන මිතුර මන්
තුට

එහසුන් පැසුළු පවසමි රස නුසුන්
කොට

අසදැන් ත යන මග සලකුණු මෙතැන්
සිට


07.
පොහොසද්දන ඇති තුනුරුවන බැති
පෙමා

මුළුවද්දන සුරපුර පිරි සිරින්
හැමා

ජයවද්දන කැරුමෙන් සුසැදු තම
නමා

ජයවද්දන පුරවර දනු මිතුරු
තුමා


08.
සැදි රත තඹර පෙළ රන තිසරුන්
රුවැති

විදි දිය දහර ලෙළ දෙන දිගු නරු
පටැති

රැඳි රළ රළැති හොය දියවන්නා
නමැති

ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි
නිති


09.
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල්
බර

සුලකළ පුවල ලකඟන සිරි යොවුන්
වර

තරකළ විසල් වාසල් යතුරු මෙ
නුවර

බැඳහළ රුවන් තනපට කියලි ය
පවුර


10.
දුවන බඳ කිකිණි හය කුර පහර
නද

සවන තල නිනද ගිජිඳුන් සෙමෙර
බඳ

රවන නොයෙක තුරු ජය සක් හඬ
නොමඳ

දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර
නිබඳ
11.
සිහිල් සපු සුවඳ ගෙන එන උයන්
වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි
කැළ
විපුල් රත් සෙමෙර බඳ රන් දද
සසල

ළකල් මෙපුර තුළ වළහා රිවි
තැවුල
12.
තරසර හිවි මහල් මෙහි පහ පෙළ
නිතොර

සුරසිදු විදුදරන් සැදි සඳලු
මනහර

කරවන මඟුල් කෙළියෙන් නොමැති
අවසර

පුරසිරි බලන ලෙස බට සුර විමන්
යුර
13.
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි
මිටින

නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර
තන

දිසි රන ලියෙව් රූ සිරි යුත්
මෙපුරඟන

ඇසි පිය හෙළන පමණින් නොවෙති
දෙවඟන
14.
සොඳුරු සිය නදන් අනුතුරු දෙස
සිටින

කිනුරු නිසසරන් කදහස වෙත
නොවන

ඉසුරු දනද සිය නිකෙලෙස් තැන
රඳන

උතුරු දිගිඳු පුර දිනි මෙපුර
වැජඹෙන

ගමන් පිරුම

15.
උදේ සැපත් සුරගුරු අලු කැරැ
අවට

සඳේ මුදුන් පත අස්විද නැකතැ
සිට

නඳේ සිතින් තම කුල දෙවිය සිහි
කොට

යෙදේ ගමන් යහළුව මෙපුරෙන්
තොපට
16.
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
ගෙඩි

පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන්
කෙඬි

සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද
වැඩි

බල සුබ නිමිති පෙරමග නැකතටත්
වැඩි

දළදා වැනුම

17.
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව්
සැදි

දෙන නොමදා සිරි සග මොක් සැප
නිසැදි

ලද මුනිදා දම් කඳ පහස මන
බැඳි

වඳු දළදා හිමි තෙමහල් පහයැ
රැඳි

රජ දැක්ම

18.
ගනරන් කොතින් දිලිහෙන මිණි රැස්
විහිදු

පවනින් ලෙළෙන පල අග මුතුලැල්
සිනිඳු

සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින්
රුදු

එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු
වදු
19.
රිවි බිම්බා යුරු රිවි කුල
කමලකර

පියුමම්බා නිතොර ව රැඳි උර
මැඳුර

මෙනරම්බා හිමි රූ සිරිනි
පැහැසර

පැරකුම්බා නරනිඳු සඳ දකු
මිතුර
20.
උනු නොව බරණ සිවු සැට වොටුනුත්
පැළඳ

වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන්
මැද

මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ
නොසිඳ

ගනු අවසර එ නිරිඳු සිරි පතුල්
වැඳ

නික්මුම

21.
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්
වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා
පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන
අටින්

කරව පියාසර සකි කොන්ත ගං
තොටින්

නිසා වැනුම්

22.
කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද
පෙළ

සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ
පතළ

කැරැ ලොල් සතන් පවසන තියු ගී
දෙමළ

මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ
ලකළ

උදා වැනුම්

23.
වෙසඟන තුඟු තන යුග රොන්
කොකුමඟර

පිස එත මඳ පවන් හැද විල් ලිහිණි
සර

ගොස අලුයම පස තුරු සවනතෙහි
කැර

ඇස නිදිගැට හැර නැඟ සිටු උදා
හිර
24.
උදා ගිරි කසුන් රිටි වැට හිස
බැබළි

එදා සහසකර පහනෙව් කරත
හෙළි

යොදා නුවන් ඉසුරුට කරන පුද
කෙළි

විදා පියා නිලඹර යන් නොවී
මැළි

මග වැනුම්

25.
සුරරද සමන් සමගින් සුරඟන
එවර

පැහැනද මදාරා පරසතු මල්
පතර

කරපුද වඳින රැඳි මුනි සිරි පා
තඹර

සකිසඳ පෙනේ සමනොළ ගල
නැගෙනහිර
26.
ගනේ මිණි බැබළි කිරණෙව්
සතපාය

රනේ යටග සැවුළිඳු දද
ගළපාය

අනේ ලකර කළ පුර අප නර
පාය

පෙනේ දකුණැ මහසෙන් දෙව් රද
පාය
27.
වලඳින අදහසින් මෙන් සුර ගඟ
අඟන

නලබල සසල දළ රළ පෙළ නුබ
නැගෙන

වෙලළසැ ගැවසි මුතු සක් පබළු
බබළන

බල මහ මුහුද එම සඳ උතුරෙන්
පෙනන
28.
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි
තෙලෙන

තැන් තැන් වල ම සැතපී සියුමැලි
බැවින

රන්වන් කරල් ගෙන එන ගිරවුන්
අතින

යන්මන් තොසින් මග තොරතුරු නියම
දැන
29.
නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව්
සිරින

දුල කැරැ සේසත් මිණි බරණ
කිරණින

බලපිරි සෙන් සහ යාපා පටුන්
ගෙන

බල සේනානායක සපු කුමරු
එන
30.
අග පිපි මල් මලිගිය ලිය
කැලේ යා

වග බැඳ හෙන රජ හස පුල්
විලේ යා

ළඟ තුරු මල් ගිලිහුණු
රොනවුලේ යා

මඟ බැස යව පළ හෙළ වැලි
තෙලේ යා
31.
අයිරාවණ වුවත් නවතන රිසින්
එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත්
ගෙන
කයිකාවලෙහි දැක සෙබළුන් රැක
සිටින

වයි යා කරන් මල් තුරු ගන වන
හිසින
32.
නිමල් සඳ පහන් වැනි වැලි පිට
උදුළ

සුපුල් මල් යහන් ලිය මඬු ලිය
ගෙපෙළ

එකල් කෙළින වන දෙව් ලිය දැක
කොමළ

ළසල් රුකෙක සැතපෙව ළපලු
සිහිලළ
33.
මල්දම් සුවඳ දුම් දුන් සොඳ
වරලසිනි

කල්ගිම් නිවා සැනහෙන සිහිලස
රසිනි

කොල්ලම් ගසින් නිල් ඉවුරැති
පොකුණසිනි

වල් අම්බලම දැක යාගන්
සහතොසිනි
34.
කස්තුරු තිලක සැදි නළලත
සුමුටාන

පුලමහනෙල් මල් දම් හිස
දවටාන

සලෙළුන් යනෙන නිති කැරැ කෙළි
කවටාන

රිවි මුදුනත වන මැද වදු
සුමුටාන
35.
මඟ නිලමින් සිටි නා දොඹ නී
පියල

පියසලමින් මලගෙහි කෙළැ
රොනිනවල

තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු
පල

ඉසුඹු ලමින් යෙහි සැළ දඹ
පඳුරුවල
36.
රිවිතැවුලේ පිපි කමලේ විල්
ගැවසී

මත කොවුලේ තුරු වදලේ හඬන
නිසී

වන සැවුලේ මඟ අසලේ පොර
සැලසී

ගුරු බැවුලේ යව අවුලේ නො වී
කිසි
37.
වනසිරි පියුම් රා බඳ රනබරණ
යුරු

වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත
තුරු

බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල
තඹුරු

හිම සරි සිහිල් දිය හෙබ දැක යන්
මිතුරු
38.
සලාදුලා පියොවුරු තඹර රොන්
රත

පුලා නිලා උපුලන් ලා ගෙන
කනත

කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින
ඉත

බලා පලා යව අස්වන් ගුරුළු
කෙත
39.
බන්නේ මරා මිණි දුල පබළු මුතු
පට

වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු
වට

ගන්නේ තසිත එබැවින් නො වැද
කෙළියට

යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක්
සිට
40.
අවට සුපිපි සපු දුනුකේ
සලළාන

හඬන තැනින් තැන විලිකුළු
කිරළාන

පැසී නැමි කරල් රත් හැල්
සහළාන

වඩින මැනවි මහ වෙල මැද
වෙරළාන
41.
පත් ගන පුල් මල් දොඹ තුරෙක
පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින්
අතුරු
ගත් සරතස හැර විඳ සුවඳ මඳ
මරු

කිත්සිරිමේ වෙහෙරට වදුව
පස්වරු
42.
සොඳ මුනිරද පිඬු කළ යස මෙරද
සම

පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව්
බැරම

සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු
මනරම

වඳනෙහි තෝ දාගැප් මහ බෝ
පිළිම

කැලණි නදී වැනුම්

43.
සල් සපු කීණ දොඹ රෑරඟ නා
මිදෙලි

පුල් එරහැඳි හෝ පලු මීඅඹ
පළොලි

පොල් පුවකිගු රඹ මලබුලත
සලිමලි

නිල් ගන සා සෙවණලු දෙතෙරැ
මනකලි
44.
ගවසා සුපුල් කඩුපුල් මල් නිල්
වරල

සලසා උකුළු වට රසුදුළ මිණි
මෙවුල

සකසා දෙතන හර සඳුනෙන් කැරැ
සිහිල

දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු
පුළුල
45.
මනහර නා මණෙවියනිඳ ළවැලි
පිට

ගෙන මිණි වෙණ තත් නියගින් මැද
රුවට

කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු
කොට

සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක්
සිට

සැඳෑ වැනුම්

46.
සපුමල් යොහොඹු ලා බැඳ වරල
මනරඟ

පැහැදුල් දොඹ කැකුළු හර කර ලා
තනග

රොනවුල් නා කුසුම් කන ලා කොඬොල්
රඟ

දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන්
සමග
47.
නුවනින් නිල් උපුල් මඳහසිනි
හෙළැඹුල

වුවනින් කමල් පෑ ලවනතිනි
රතුපුල

පවනින් අඹළ රන ලිය වන් ලියන්
කැල

රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු
කල
48.
වදිමින් සවස නල හැසිරෙන
දිගතුවල

සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර
විපුල

පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන
කල

විලිකුන් සුරත් පල වැනි වේ රිවි
මඬල
49.
මහතුන් හසළ තම හට යස පිහිට
ලෙස

නිසැකින් නො හළ යුතු බව පැමිණෙත
වෙහෙස

සුදනන් පැවති සිරිතැයි දන්වන
විලස

නුබමින් සමඟ ගෙවෙනුය දවහල්
දවස
50.
සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ
විසූ

සදෑ සහසකර එන මහවත
සැලසූ

විඳෑ උපුල් පිළ මෙන් රත් පටින්
වැසූ

සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු
පසු
51.
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි
පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු
දොළ
ලකළ ගුවන තල සිරි යහන
නිකසළ

අතුළ කුසුම් විලසින් සැදෙත තුරු
වැළ
52.
දනගෙන වුත් දමන ගොදුරට
නොහැකිළිය

පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි
පෙරැළිය

ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ
රැළිය

එතැනින පියාසර කැරැ දකු
මස්කෙළිය

කැලණි පුර වැනුම්

53.
පැහැසරණිය මිණි පැමිණිය කොත්
අගට

බඳ කිකිණිය දද ගිහිණිය විමන්
වට

නොව පැරණිය වන රමණිය විටින්
විට

සැළලිහිණිය වදු කැලණිය
පුරවරට
54.
දියකඳ ගැඹර පිරි පුවතර මහ
සයුර

මුවරද ලෙසින් වත අගතිසි කර
තඹර

මනනඳ කරන මිණි ගණ මෙන් දිසි
එවර

පැහැනද පහන් එහි මහ වෙයැ බල
මිතුර
55.
උදයග පියුම්රා පැහැ වැද මෙන්
රැඳුණු

පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන්
දිලුණු

මනරඟ එපුර සඳ කත ගෙහඹින්
ගැලුණු

සුරගඟ පතිනි දම් රැකුමෙහි ම
නියැලුණු
56.
සුනිල් වලා නව සඳ නිලුපුල්
පබළු

විමල් සක් ගිජිඳු කුඹු සිරිවස
බැබළු

විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ
දළු

ළකල් රන ලියන් සරනා බල
යහළු
57.
ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා
කල

සඳ සක් ම‍ඳොසිනැද දෙත දුණු කැන්
දුහුල

සොඳ පුරඟන පහ සුමුගින් පැහැ
උදුල

සෙද දුනඹර මතු ඇය රැස් මිණි
මෙවුල
58.
තවර කරැ කොකුම් සඳුනෙන් තුනු
සියල

පවර සුවඳ මල් දම් පැළඳ
මනකල

බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි
ලොල

එපුර ඉඳිති සඳපානේ
සඳලුවල

පින්කම් වැනුම්

59.
මුවලඹ රඹ වලු බර රන් තැඹිලි
තුරු

සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ
අතුරු

කරකැවෙමින් දකුණට අවුදින්
මිතුරු

වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ
මිතුරු
60.
දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා
හැම

සගමොක් ලබනු වස් පිය යුග ඔබා
බිම

සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනි
තුම

වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ
පිළිම
61.
පෙර දලනිඳු දිය කඳ රට බිම්
ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ
සත
මනකල ඒ සමුදුර පැහැයෙන්
දිමුත

වඳු සල පිළිම හිමි සිරි සරණ
සියපත
62.
ගිලිය නොදී සැට මහණන් බව
මහණ

මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ
බණ

දිලිය පස් මහල් පායෙහි මිණි
කිරණ

බැලිය හැකි වි නම් දැක වැඳ යා
කලණ
63.
පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු
සලත

නැගි පැහැදා පෙණ සමුදා සැටි
නුමුත

මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු
බිත

සැදි වටදා ගෙහි වඳු දා ගැබ
දිමුත
64.
දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ
රඟ

සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ
මනරඟ

පැහැපත් ලකළ රන්වන් විලසින්
ලොවග

වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ
දිග
65.
අහසින් අවුත් මිණිඅක් නයිඳු
යැදුමට

රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ
පිට

දහමුත් දෙසූ තැන කළ සැට රියන්
කොට

මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන්
සිට
66.
සවන සතිය වැසි වසිනා දස
දිගෙහි

පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ
ගෙහි

සවන හිඳිනු දනනඳනා නෙතු
යුගෙහි

වඳින මැනවි පිළිමය නා පිළිම
ගෙහි
67.
සසරින් මුදා ලෙවි සදහම්
අමා දී

එකඟින් මුනිඳු හුන් වැනි
නිපරමාදී

ලකුණෙන් සපිරි පිළිමය දැක
සමාදී

වැඳගන් මිතුර තුන් සිත කැරැ
සමාදී
68.
අප මුනිඳූ බුදු වන දින මුරුන්
පිදු

පැහැ විහිදූ දිලි කල දෝ යටින්
යෙදූ

සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක
බඳූ

වැඳ දුමිඳූ වන පින් පල ත අත්
බඳූ
69.
විටංක පැකිලිඳු දකුණස
දොරටුයෙන

නිසංකයෙන් පුද නන් තුරු
ගොසසමින

කලංක නොව කළ සුබ ලකුණු
බබළන

තිවංක නම් දෙපිළිම නැමඳ
බැසගන
70.
සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ඬෙක
සැටි

සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො
ගැටි

පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ
සිටි

තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ
පිටි
71.
නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත්
තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ
තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු
විමන

වැඩහුන් පිළිම හිමි නමඳින්
යහදසන

දෙව් මැඳුරු වැනුම්

72.
පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින්
පඬුරු

මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර
විරු

සුරරද පාය වන් විජයොත් නම්
මහරු

එමසඳ වඩන රජ ගෙට මිතුර
වැඩකරු
73.
පුලා සුවඳ මලවුල් කැරැ වරල්
බැඳ

දුලා රන් පතින් සරසා සවන්
සොඳ

නිලා දිගු නුවන් රසඳුන් තනා
ඇඳ

බලා සිටු රඟන රඟ මඬල
කල්බඳ
74.
විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ
රැඳී

හෙළන නඟන අත නුවනග බැලුම්
දිදී

රුවින දිලෙන අබරණ කැලුම ගත
යෙදී

සැලෙන පහන සිළු වැනි රඟන ලිය
සැදී
75.
ලකළ පුළුලුකුළ බඳ මිණි
මෙවුල්ලා

සමග රන් සලඹ රැවු දී
වෙවුල්ලා

වයන පදට තබමින් පද
කමල්ලා

රඟන ළඳුන් බල රූසිරු
සියල්ලා
76.
වස් දඬු බිඟු කොවුල් වීණා නද
මියුරු

රැස් වූ සෙයින් සත් සර රස ගී
සොඳුරු

අස්වන ලියන් දැක ලිය කිඳුරඟන
යුරු

තොස් කර තසිත සවනත නුවනත
මිතුරු

විබිසණ දෙව් වැනුම්

77.
මෙසේ පැවති අනතුරු ගී රැඟුම්
පුද

තොසේ සිතින් වැඩ සිටි සුර විමන්
මැද

යසේ පතළ දිය තුළ උතුළ මන
නඳ

ඇසේ පුරා දකු විබිසණ සුරිඳු
සඳ
78.
පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන්
වෙත

රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත
දිමුත

සරණ මුළු ලොව‍ට එසුරිඳු සිරස
පත

කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන්
යුත
79.
සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන
වෙලේ

විදුලේ එයින් වියොවට පැමිණ
වියවුලේ

නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම
කලේ

උදුලේ දො හෝ රන් පට මෙන් නළල්
තෙලේ?
80.
රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල
මෙනේ

සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන
රනේ

වුවනේ වැජඹි සිරි සරසවිය හැම
දිනේ

සොබනේ කනා කැටපත් යුවළ
විලසිනේ
81.
නමකළ සත හැලේ සිහිලේ සැප
සිලිලී
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන
නො කලී
නළලත ගිරි තෙලේ සුනිලේ
රැසිනිපිලී

සුරරද දෙබැමලේ ගනලේ සිරි
කියලී
82.
සතුරු සුර අඳුරු එක පැහැර දුරු
කළ

මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු
කළ

අතුරු තුසර සිඳුවන දැකුමෙන්
පහළ

ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත්
සඟල
83.
යසගාන කළ තැන තැන සිදඟනන්
සැදී

නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට
වොරැඳී

සමඟා රදුන් දෙවියන් සෙවුමින්
නිසැදී

මුරගා අහෝ මිණි කාලම වෙහෙස
විඳී
84.
සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව්
ගන

සුරවර සලෙළ රත ලවනත දළ
දුලන

මනහර සඳ වලා පෙළ කෙළවර
පෙනෙන

පැහැසර ළ සඳ යුවළක් ඇත්නම්
එමෙන
85.
කනා මිණි වළලු නැඟි රැස් මල්
කැනැති

මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු
ඇති

දනා කැමති දෙන පලඹත එ
සුරපති

දිනා දිමුතු අතු සිරි සුර තුරැ
පැවැති
86.
පානා සෙනේ සසිනිඳු මඳලස
බැල්ම

ගානා නිමහමෙව් දෙවඟන නෙත්
කැල්ම

නානා සුරිඳු පුළුලුර සිරි සඳ
ඇල්ම

නූනා කෙළන ගලතල වැනි ඉඳු
නිල්ම
87.
ලකුළු පුළුලුකුළු වට බිම එසුර
විරු

වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’
තුරු

නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ
තුරු

බැබළු සිසිල් ඉසිනා විලස සිරි
දැරු
88.
වඳනා සුරන් කිරුළග රුවන
කැලුමෙනා

බඳනා කොමළ ලතු විලසළ රතින්
මනා

මඬනා බැවින් සියපත එ හිමි
පතුලෙනා

බියෙනා ළ තඹ හෝ පලු සදිසි
වෙවුලනා
89.
වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු
පිවිතුරු

බැලුවන් ඇලුම් කරවන යළිදු
බියකරු

සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර
යුරු

මුවෙකින් කියා නිමවිය හැකිද
රූ සිරු?
90.
ලෙව් හට තමන් නම කිව රිසි දෙන
විසිනි

දෙව් තුරු සුරබි සුරමිණි සරි ද
කෙලෙසිනි

පව් රෝ දුකුදු දුරලත පොකුරඹ
හසිනි

දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන්
බසිනි
91.
මන් පිනවන යස සිරි තෙද නැණ
විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු
සියල
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා
බල

පින් නම් සතුන් කළ දෙව් රජ ම ය
මෙකල
92.
තුන් ලෝ තමා නතු කළ රවුළු
සොහොවුරු

තුන් කල් බලා රමිඳුට වූ ඉටු
මිතුරු

තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි
මිතුරු

තුන් විටෙක ම වඳු එ සුරිඳු පා
තඹුරු

අස්න

93.
අනතුරු බලා අදහස අවසර
විගස

යුහුසුළු නො වී සලකා පසු පළමු
බස

පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන්
ගොස

සැළ කර ත ගිය කටයුතු සිට එකත්
පස
94.
තරසර සුනෙර තද තෙද දිමුතු
දිවයුර

පුවතර ගැඹර සමුදුර කැලුම
නිලඹර

සොමිබර පවර නිසයුර නුවණ
සුරගුර

සුරවර දෙසැර විබිසණ නම් කැලණි
පුර
95.
රජකුල සුපුල් විලැ රජ හස වන්
සරන

පෙර මලවියා වන් රුසිරෙන් මන
නඳන

හැම කල විපුල සව් සැපතින් නො අඩු
වන

තෙද බල විකුම් ගුණ මිණි බරණින්
තෙවුන
96.
ගරුතර නන්නූරුතුනයා නමැති
මැති

සිහිකර නිතර මහ පුද පඬුරු දී
රුති

නොවිසිර ඔබට දන්වන ලෙස කී
සිතැති

සුරවර මඳක් කල් එපවත් ඇසිය
යුති
97.
රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන්
මැද

පැහැදුල සරා කල් පත් සහසකර
බඳ

කිවි කැල ගලට මුතුහර වන් යස
පබඳ

සිරි කල කුල නිවෙස් දිය පතළ තද
තෙද
98.
හළ දුසිරී දැන තෙවළා මුනිඳු
බණ

කෙල පත් සියලු අවි සිප් කව් නළු
සතණ

ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා
නැණ

කළ මුළු ලක්දිව එක් සේසත්
සෙවණ
99.
සත නෙත දුන් රූසිරු රස
අඳුන්වන

පත නර ලොව පුරඳර සිරි
හඳුන්වන

විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන්
මුදුන්වන

අප පැරකුම් නිරිඳුට දූ
ළඳුන්වන
100.
සිරිසඳ වන් සව් සිරි දියුණුවැ
රඳන

සිතුමිණ වන් යැදි යදි හට දනින්
දෙන

සරසවි වන් නුවණින් පහළ වැ
පෙනෙන

නවසඳ වන් ලෙව් වැසි අදරින්
වඳන
101.
යෙහෙළින් කෙරේ සකි සැප සමග
සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින
වත්මේ
රකිමින් පතිනි දම් යහපත්
සිරිත්මේ

සිහිනෙන් නිපන් වන් දස පින්
පැවැත්මේ
102.
මිහිරි තෙපල තන්වැසි කිවිකම්
පුරුදු

ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි
මුනිඳු

නොහැරි පෝය අටසිල් රැකුම
පිරිසිදු

සසිරි උලකුඩය දේවී හට
පසිඳු
103.
දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී
වැස

තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ
ඇස

සිත් පිනවන ඇති ආසිරි නුවණ
යස

පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි
ලෙස
104.
බිසොවට පළමු රත්නාවලි නම්
සොඳුරු

සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු
පිරු

මෙලකට ඉසුරු වී පැරකුම් රජ
කුමරු

පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල
මහරු
105.
එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම්
ගෙන

පුදමින් එසුරවර සිරි සරණ
වඳිමින

බුහුමන් කරන රජ දූ සඳුට මෙ
කියන

දුනපින් සමග යස සිරි වඩි පුත්
රුවන
106.
මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ
යා

වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ
යා

දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ
යා‍

කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ
යා
107.
පැහැපත් පුන් ස‍ඳෙව් කිරි සමුදුරැ
පළට

සියගොත් බබුළුවන දෙව් රජ කුමර
හට

නැවතත් එකලාව අවසර ලැබුණු
විට

මෙපවත් කියව සැළ කරනුව සුර
රදුට

ආසී

108.
මේ සියලුම අදහස කුලුණෙන්
ගිහිණි

සේ සිය පත සලසා උදය
දිනමිණි

නෑ සිය ඉටු මිතුරු සමගින්
සැළලිහිණි

වා සිය පවතු සිතු ලෙස සැපතින්
පැමිණි

පුරාණ සන්නයේ අගට යෙදුණු කවි

109.
පැරකුම් රජුට පන්තිස් වනු නවම්
මස

මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී
ලස

අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු
අදහස

දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට
සකස
110.
සතිස් වනු නවමැ පුර අස්ලිස
නකත

පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ
පැනෙත

සහස්කර කුලට වැඩ වන ලෙස
සතත

වෙසෙස් රජ කුමරු විලසින් දැකුම්
පත

111.
කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව්
සුසැදි

නැණ ගුරු සබස සමය ද දැනුමෙහි
වොරැඳි

රජගුරු විජයබා පිරුවන් හිමි
පැහැදි

මෙමියුරු පදැති සැළලිහිණිය අස්න
යෙදි