Pages

Ads 468x60px

Friday, July 22, 2016

මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි - හිනා වීමට නොව , සිතා බැලීමට

මුලින්ම කියන්න ඕනි මේ පොත ලියල තියෙන්නේ මගේ ප්‍රියතම පුද්ගලයන් දෙදෙනෙක්.ලංකාවේ ගොඩක් මතවාද වලට තුඩුදුන්න පොත් ලියපු සහ ඇත්ත ලියපු නිසා සමහර අය බැනපු රචකයන් දෙදෙනෙක්. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක යන විවාදාත්මක ලේඛකයන් දෙදෙනා අතින් ලියවුන තවත් වටිනා පොතක් තමයි මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි කියන්නේ. අප අසූ පිරූ මෝඩ මහදැනමුත්තා සහ ගෝලයෝ යන චරිත ඇති වුන හේතුව සහ එමගින් එකල සිංහලයාට සිදුවුන මානසික බලපෑම මේ පොත කියවා අවසානයේ අපට අවබෝධ කරගන්න පුළුවන්. මේ පොතින් උපුටා ගත් පසු වදන වැඩි විස්තරයක් ලෙස මන් පහතින් දමන්නම්.



"පෘතුගීසි පාදිරිස්වරු ඇරඹු “එස්කොලා “ (Escola) නමැති ආයතනවල සිංහල ළමයින්ට ක්‍රිස්තියානි ආගම සහ පෘතුගීසී භාෂාව ඉගැන්විණි .
සිංහල පරම්පරා කතාවල කියවෙන්නේ “මහදැනමුත්තා සහ ගෝල පිරිස “ එස්කොලාවල ඉගැන්වූ කතා සංග්‍රහයක් බවයි.

සිංහල ළමයින්ට සිංහල නායකයන්,පාලන ක්‍රමය ,සාහිත්‍ය සහ සංස්කෘතිය එපා කරවීමේ අදහසින් පෘතුගීසී මිෂනාරීහු මෙබදු කතා ගොතා එස්කොලාවල ඉගැන්වුහ.

ඒ යුගයේ එස්කොලයට ගොස් සිංහලයින් හෑල්ලු කරන කවි කතා උගත් සිංහල දරුවෝ පරංගි නම් වලට ඇලුම් කරන්නට වුහ.
දෙමවුපියෝ දුදරුවන්ට සිංහල නම් වෙනුවට පරංගි නම් දැමුහ.ඔවුහු ජාතක පොත ,මහාවංශය වැනි මහාර්ඝ කෘති දෙස අවක්ඝාවෙන් බැලුහ.පෘතුගීසී රජ්ජුරුවන්ට “අපේ රජ්ජුරුවෝ “ කියන්න පටන්ගත්හ.

පෘතුගීසී සිංහල දේශයේ බිම පෙදෙසක් යටත් කරගෙන සිටි නිසා මවුබිම ,ජාතිය ,සංස්කෘතිය,ආගම හෑල්ලුවට ලක්කරමින් පරංගින්ගේ රටට ආවැඩිමට සිංහල පිරිසක් පුරුදු වුහ.
ඒ යුගයේ සිට කටින් කට පවත ආ මහදැන මුත්තා කතාවලින් සිදුවුයේ අපේ මුතුන්මිත්තන් පල් මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ කුඩා දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් සිත වලට ඇතුළු වීමයි.
මහදැනමුත්තා කතාවේ සුලමුල ඉදිරිපත් කරන මෙම කෘතිය අපේ ඉතිහාසය ,සංස්කෘතිය ,සාහිත්ය ,සහ සමාජ ක්රෙමය පිළිබද ඉතා වැදගත් කරුණු රාශියක් හෙළිදරවු කරයි.
කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද කියවා රස විදිමින් දුලබ දැනුම උගතහැකි පරිදි මෙය රචනා කර ඇත්තේය."

පොත කියවීමට සහ බාගත කිරීමට පහත Link එක click කරන්න.
To download click on book cover 


මඩොල් දූව


Martin Wickramasinghe
අව්රුදු හතරකට පස්සේ Blog එක අයෙත් පටන් ගන්න හිතුනා.මේ කියන්න යන්නේ පොඩිකාලේ ගොඩක් ආසාවෙන් කියවපු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල් දූව පොත ගැන. මේ පොත මුලින්ම ප්‍රකාශයට පත් උනේ 1947 දී. ඊට පසුව භාෂා කිහිපයකටම මේ පොත පරිවර්තනය උනා. උපාලි සහ ජින්නා කියන ප්‍රධාන චරිත දෙක වටා මේ කතාව ගෙතිලා තියෙනවා. කොග්ගල නගරයට නුදුරින් පිහිටි මඩොල් දූව කියන පුංචි දූපතක් තමයි මේ කතාවට මුලික අඩිතාලම වෙලා තියෙන්නේ.


1976 දී ලෙස්ටෙර් ජේම්ස් පීරිස් ශූරින් විසින් මෙම පොත පාදක කරගෙන මඩොල් දූව නමින් චිතරපටයක් ද නිර්මාණය කලා.ගොඩක් අය  මේ පොත ගැන දන්නවා.නොදන්නා අයට සහ තාමත් මේ පොත බලන්න අසාවෙන් ඉන්න අය වෙනුවෙනුයි මේ post එක.පොතේ  PDF පිටපතක් පහතින් download කරගන්න පුළුවන්. 
To download click on book cover